Local News

සුරැකි දරුමග වැඩසටහන මොණරාගල දී

අධ්‍යාපන අමාත්‍යාංශය,ශ්‍රී ලංකා පොලිසිය සහ මංචි ආයතනය එක්ව සංවිධානය කරන සුරැකි දරුමග මැයෙන් ක්‍රියාත්මක පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන් මාලාවේ මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන අද දිනවැල්ලවාය මල්වත්තාවල ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විය. එහිදී පාසල් දරුවන්ට සිදු විය හැකි ආපරාධ සම්බන්ධයෙන් පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සිදු කෙරුණි. මෙම අවස්ථාවට සම්බන්ධ වූ උපදේශණ මනෝවිද්‍යා Read More

බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය 150,000 දක්වා ඉහළ නැංවීමට රජයේ සහාය

බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංකය වැනි තරුණ සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන රජය දැනටමත් වෙන් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරියේ දී ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව Read More

පොල් වගාවේ ගැටලු දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන අංකයක්

පොල් වගාවේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. ඒ අනුව 1916 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය හඳුන්වා දී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. පොල් වගාවට අදාළ සුදු මැස්සා රෝගය ඇතුළු ගැටලු සම්බන්ධයෙන් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් Read More

සරසවි කඩඉම් ලකුණු ගැන දැනුම් දීමක්

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ, සිසුන් 87000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර ඇති බවය. කෙසේවෙතත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සේවක හිඟය හේතුවෙන් ඒ සඳහා යම් බාධා මතුව ඇති බව වාර්තා වේ. එම කොමිසම සඳහන් කරන්නේ ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල කිහිපයකින් ඒ Read More

කොළඹ රථ වාහන ගාල් කිරීම ගැන තීරණයක්

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසයි. එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ, එක කලාපයක් සඳහා එක් කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට නියමිත බවය. “කොළඹ නගර සීමාව තුළ රථවාහන ගාල් කළමනාකරණය විධිමත් කිරීම සඳහා දැනට පවතින මාර්ගවල කොන්ත්‍රාත්කරුවෙක්, පරිපාලකයෙක් පත්කරන Read More

දුම්රිය ආසන වෙන් කිරීම යළි පරණ විදිහට

දුම්රිය දෙපාර්තමේන්තුවේ ආසන වෙන් කිරීමේ කටයුතු ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට පෙරවරු 10.00 ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි නිවේදනය කරයි. මේ දක්වා ආසන වෙන් කටයුතු ආරම්භ වූයේ රාත්‍රී 07.00 ටය. ඒ අනුව නැවතත් පෙර පරිදි උදෑසන 10.00 ට ආසන වෙන් කටයුතු ආරම්භ කිරීමට වේලාව සංශෝධනය කොට ඇත.

ISTRM නිල වෙබ් අඩවිය එළිදැක්වෙයි

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණි. මෙම නව වෙබ් අඩවිය, සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි කාර්යභාරය සහ ප්‍රගතිය පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා ප්‍රධාන සම්පත් ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනු Read More

පොදු ස්ථානවල ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

පසුගිය දිනවල සිදුකළ කීට විද්‍යා සමීක්ෂණ අනුව පොදු ස්ථානවල ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී තිබෙන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඒ අනුව නිවෙස්වල මදුරුවන් බෝ වන ස්ථානවලට සාපේක්ෂව රජයේ ගොඩනැගිලි, පාසල්, ටියුෂන් පන්ති, ආගමික සිද්ධස්ථාන, හා ඉදිකිරීම් පරිශ්‍ර ආදී පොදු ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවටඅදහස් Read More

ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිම ගුවන් හමුදාපතිගේ ප‍්‍රධානත්වයෙන්

ශ්‍රි ලංකා ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිම දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. සුරකිමු ලකඹර තේමා කරමින් දේශයේ ස්වෛරීත්වය ආරක්ෂා කරන ගුවන් හමුදාවේ අභිමානවත් කාර්යට උරදීම සදහා 78 වන ශිෂ්‍ය නිලධාරි පාඨමාලාව හැදෑරූවන් අධිකාරියට පත්කිරිමයි සිදු කෙරුණේ. විසිරයාමේ පෙළපාලියේ අණදෙන නිලධාරි ලෙස ගුවන් හමුදා Read More

බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

t

o

p