ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිම ගුවන් හමුදාපතිගේ ප‍්‍රධානත්වයෙන්

July 30, 2024

ශ්‍රි ලංකා ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිම දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

සුරකිමු ලකඹර තේමා කරමින් දේශයේ ස්වෛරීත්වය ආරක්ෂා කරන ගුවන් හමුදාවේ අභිමානවත් කාර්යට උරදීම සදහා 78 වන ශිෂ්‍ය නිලධාරි පාඨමාලාව හැදෑරූවන් අධිකාරියට පත්කිරිමයි සිදු කෙරුණේ.

විසිරයාමේ පෙළපාලියේ අණදෙන නිලධාරි ලෙස ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ නිලධාරි අණදෙන පුහුණු වින්ග් කමාන්ඩ කනිෂ්ක ජයසේකර මහතා කටයුතු කරනලදි.

මෙහිදි ශිෂ්‍ය නිලධාරින් 6 දෙනෙකු නිලධාරිනියන් 10 දෙනෙකු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කැඩෙට් නිලධාරි පාඨමාලාව හැදෑරූ 12 දෙනෙකු ඇතුළුව 28 දෙනෙකු අධිකාරියට පත් කෙරුණි.

t

o

p