පොදු ස්ථානවල ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

July 30, 2024

පසුගිය දිනවල සිදුකළ කීට විද්‍යා සමීක්ෂණ අනුව පොදු ස්ථානවල ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී තිබෙන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ අනුව නිවෙස්වල මදුරුවන් බෝ වන ස්ථානවලට සාපේක්ෂව රජයේ ගොඩනැගිලි, පාසල්, ටියුෂන් පන්ති, ආගමික සිද්ධස්ථාන, හා ඉදිකිරීම් පරිශ්‍ර ආදී පොදු ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට
අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කරයි.

මෙම දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන වැඩිවී ඇතැයිද, මින් පෙර මාසවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අත්දකින බවද පැවසූ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා බස්නාහිර පළාත, නුවර, ගාල්ල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවල මෙම ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාම දක්නට ලැබෙන බවයි පැවසුවේ.

t

o

p