ISTRM නිල වෙබ් අඩවිය එළිදැක්වෙයි

July 30, 2024

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණි.

මෙම නව වෙබ් අඩවිය, සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි කාර්යභාරය සහ ප්‍රගතිය පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා ප්‍රධාන සම්පත් ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනු ලබයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා යන අමාත්‍යවරුන් විසින් සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාවක් (CTUR) පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකිරීම වෙනුවෙන් අන්තර්වාර ලේකම් කාර්යාලයක් පිහිටුවීම සඳහාත් වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර අමාත්‍ය මණ්ඩලය විසින් 2023 මැයි 29 දිනැතිව එම යෝජනාව අනුමත කර තිබේ.

t

o

p