සුරැකි දරුමග වැඩසටහන මොණරාගල දී

July 31, 2024

අධ්‍යාපන අමාත්‍යාංශය,ශ්‍රී ලංකා පොලිසිය සහ මංචි ආයතනය එක්ව සංවිධානය කරන සුරැකි දරුමග මැයෙන් ක්‍රියාත්මක පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන් මාලාවේ මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන අද දින
වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

එහිදී පාසල් දරුවන්ට සිදු විය හැකි ආපරාධ සම්බන්ධයෙන් පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සිදු කෙරුණි.

මෙම අවස්ථාවට සම්බන්ධ වූ උපදේශණ මනෝවිද්‍යා ආචාර්ය භාග්‍යා අබේසිංහ මහත්මිය සහ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ ප්‍රධාන පොලිස් පරික්ෂක අමිල ජයරත්න යන මහත්වරුන් විශේෂ දේශන සිදු කරනලදි.

පාසල් දරුවන් සදහා උදෑසන වැඩසටහන සහ දෙමාපියන් සදහා දහවල් වැඩසටහනත් සංවිධානය කර තිබූ අතර එම වැඩසටහන සදහා දරුවන් සහ දෙමාපියන් උනන්දුවෙන් සහභාගි වන ආකාරයත් දක්නට ලැබුණි.

t

o

p