පොල් වගාවේ ගැටලු දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන අංකයක්

July 31, 2024

පොල් වගාවේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව 1916 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය හඳුන්වා දී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

පොල් වගාවට අදාළ සුදු මැස්සා රෝගය ඇතුළු ගැටලු සම්බන්ධයෙන් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වාදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබුණි.

t

o

p