Local News

දැරියගේ ජීවිතය බේරාගන්න ඕ පොසිටිව් වකුගඩුවක් ඕනෑ

මොනරාගල-ගලබැද්ද කොලොන්වින්න මහගංගොඩ පදිංචි ඩී.එම් ටෙලීෂියා චාමලී (08) දැරිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව දෙමාපියෝ පවසති. ඇයට ප්‍රතිකාර කරන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ශෙනාල් තල්ගහගොඩ මහතා පවසා ඇත්තේ කඩිනමින් ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. එබැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කර ඇයගේ ජීවිතය බේරා ගැනීමට උදව් කරන්නැයි දෙමාපියෝ ඉල්ලා සිටිති. අවශ්‍ය විස්තර 0772704371 Read More

මාකඳුරේ මදුෂ් මරුට

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (20)අළුයම එම වැටලීම සිදුකර තිබේ. මෙම වැටලීම අතරතුර  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.   ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ Read More

ගම්පහ ඇඳිරි නීති බලප‍්‍රදේශ තුල වෙළඳ සැල් අද විවෘතයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප‍්‍රදේශ 19 තුල පිහිටි සියලූ ආහාර ද්‍රව්‍ය අලෙවිසැල්, වෙළඳසැල් සහ ඖෂධ සැල් අද (20) දිනයේදී විවෘත කෙරෙයි   අද උදෑසන 08 සිට රාත්‍රි 10 වන තෙක් සියලූ ආහාර ද්‍රව්‍ය අලෙවිසැල්, වෙළඳසැල් සහ ඖෂධ සැල් විවෘතව තැබෙයි   සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සමාජ Read More

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,538ක් දක්වා ඉහළට

මෙරටින්  වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,538 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,122 ක්. පූර්ණ සුවය ලැබූ පිරිස 3,403 කි.

ගම්පහ 5000 දීමනාව හෙට සිට

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් 72,345කට රුපියල් පන්දහසේ දීමනාව හෙට (20) සිට ලබාදීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ මැදිහත්වීම මත මුදල් Read More

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.   දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමයි. සුළගේ Read More

මතුගම ගම්මාන 03ක් හුදෙකලා වෙයි

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. මේ දක්වා එම ගම්මාන ඇසුරෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් 17 දෙනෙකු සොයා ගෙන ඇති බවයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත Read More

මහරගම ඇරැව්වල සහ පැලන්වත්තේ හතරකට කොරෝනා

වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක සේවය කරන අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී බවට ඊයේ (17) වාර්තා වූ බව පිළියන්දළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ මහරගම, ඇරැව්වල, පතල්වත්ත ප්‍රදේශයේ නිවසක සහ පැලැන්වත්ත කුරුලු උයන ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් අය බව පැවසෙනවා.

කොවිඩ්-19 රෝගීන් 2000 ඉක්මවා යයි

මෙරට තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යා 2000 ඉක්මවා ගොස් තිබෙනවා. වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වන රෝගීන් 300කට අධික පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර කඹුරුගමුව, IDH, හම්බන්තොට, ඉරණවිල, තෙල්දෙණිය සහ වැලිකන්ද යන රෝහල්වල ද කොවිඩ් රෝගින් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටී. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5475 Read More

20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 විවාදයට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කරන ලදී. මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝබර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇත. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු Read More

t

o

p