දැරියගේ ජීවිතය බේරාගන්න ඕ පොසිටිව් වකුගඩුවක් ඕනෑ

October 20, 2020

මොනරාගල-ගලබැද්ද කොලොන්වින්න මහගංගොඩ පදිංචි ඩී.එම් ටෙලීෂියා චාමලී (08) දැරිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව දෙමාපියෝ පවසති.

ඇයට ප්‍රතිකාර කරන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ශෙනාල් තල්ගහගොඩ මහතා පවසා ඇත්තේ කඩිනමින් ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.

එබැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කර ඇයගේ ජීවිතය බේරා ගැනීමට උදව් කරන්නැයි දෙමාපියෝ ඉල්ලා සිටිති.

අවශ්‍ය විස්තර 0772704371 යන දුරකථන අංකයෙන් ලබාගත හැක.

t

o

p