මාකඳුරේ මදුෂ් මරුට

October 20, 2020

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (20)අළුයම එම වැටලීම සිදුකර තිබේ.

මෙම වැටලීම අතරතුර  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.  

ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබේ.  

ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.   අනතුරුව එම ස්ථානයේ සිදුකළ සෝදිසියෙන්  අසල මහල් නිවාස  සංකීර්ණයේ තිබී කෝටි 22ක්      වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.

t

o

p