දන්සල්වල කෑම නරකනම් PHI ට දැනුම් දෙන්න

May 17, 2024

වෙසක් දිනවල දන්සල්වල දෙනු ලබන ආහාර පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින්නෙම් ඒ පිළිබඳව වහාම ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය මහජනතාවට දැනුම්දීමක් කරයි.

වෙසක් සමයේ පවත්වනු ලබන දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිරතුරුව පරීක්ෂාවට ලක් කරනු ලබයි. එසේ වුවද ඇතැම් දන්සල් නියමිත ප්‍රමිතියෙන් පවත්වාගෙන නොයන බවට මහජන සෞඛ්‍ය පරීකෂකවරු චෝදනා කරයි.

කෙසේ වුවද පසුගිය වසරට සාපේක්ෂව මෙවර වැඩි වශයෙන් දන්සල් ලබාදීමට සූදානමක් පවතින බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

දන්සල පැවැත්වීමට දින තුනකට පෙර එම දන්සල ලියාපදිංචි කිරීමක් සිදුකළ යුතු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.

එසේම දන්සල් ලබාදීමට කැමැත්තෙන් සිටින පුද්ගලයන් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් ලියාපදිංචි වන ලෙසද එම සංගමය දැනුම් දෙයි.

එසේ ලියාපදිංචිවන අවස්ථාවේදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරු දන්සල් ලබාදීමේදී අනුගමනය කළ යුතු උපදෙස් ලබාදීමට කටයුතු සූදානම්කර තිබේ.

t

o

p