විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

May 5, 2024

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි අවසන් යෝජනාවලිය, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බවයි.

ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු, ඊට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි විය යුතු වෙයි.

t

o

p