ගම්පහ 5000 දීමනාව හෙට සිට

October 19, 2020

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් 72,345කට රුපියල් පන්දහසේ දීමනාව හෙට (20) සිට ලබාදීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ මැදිහත්වීම මත මුදල් අමාත්‍යාංශය මේ සඳහා රුපියල් කෝටි 40ක් වෙන් කර තිබෙන බව සදහන්.

t

o

p