ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තරයෙන් පැසසුම්

May 6, 2024

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුවේ දී පැසසුම් ලැබී තිබේ.

මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී පැවැත්විය.

රටවල් 130ක නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටි අතර ජිනීවා ජාත්‍යන්තර මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය සහ එක්සත් ජාතීන්ගේ බිම්බෝම්බ ක්‍රියාකාරීත්වය පිළිබඳ අන්තර් සම්බන්ධීකරණ කණ්ඩායම මෙම සමුළුව සංවිධානය කර තිබෙන බව සඳහන්.

ප්‍රධාන අතුරු සාකච්ඡා හතරකින් සමන්විත මෙම සමුළුවේදී එක් සාකච්ඡා සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම ද විශේෂත්වයක් ලෙස දක්නට ලැබුණි.

t

o

p