ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර උපායමාර්ගික සංවාදයේ දෙවැනි රැස්වීම අද කොළඹදී

May 7, 2024

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර උපායමාර්ගික සංවාදයේ දෙවැනි රැස්වීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මට්ටමින් 2024 මැයි 07 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහිදී විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිවල වර්ධනයන් මෙන්ම වෙළඳාම, ආයෝජන, සංචාරක දේශගුණික විපර්යාස සහ පරිසර ආරක්ෂණය, සංක්‍රමණය මෙන්ම සමුද්‍රීය සහයෝගීතාවය ඇතුළු ද්විපාර්ශ්වික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙම රැස්වීමේදී සමාලෝචනය කිරීමට නියමිතයි.

තවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලදී දෙරටේ සහයෝගීතාව පිළිබඳවද මෙම හමුවේදී අවධානය යොමුකිරීමට නියමිත බව සඳහන්.

t

o

p