කොවිඩ්-19 රෝගීන් 2000 ඉක්මවා යයි

October 18, 2020

මෙරට තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යා 2000 ඉක්මවා ගොස් තිබෙනවා.

වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වන රෝගීන් 300කට අධික පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර කඹුරුගමුව, IDH, හම්බන්තොට, ඉරණවිල, තෙල්දෙණිය සහ වැලිකන්ද යන රෝහල්වල ද කොවිඩ් රෝගින් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5475 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 3395 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

t

o

p