Local News

වරාය පරිශ්‍රයන්ගෙන් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරාය ඇතුළු සියලූ වරායයන්ගෙන් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ සාර්ථක වැඩපිළිවෙලක් කොළඹ වරායේ දී ක්‍රියාවට නැංවේ. වරාය හා නාවික ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් හා අධීක්‍ෂණයෙන් යුතුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතාගේ නායකත්වයෙන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ Read More

කොරෝනා වෛරස් රෝගයට බියේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කල් දැමිය යුතු නැහැ

කොරෝනා වෛරස් රෝගයට බිය පත්ව අද අපේ රටේ බොහෝ දෙනෙක් පාරේ ගමන් කරන්නෙත් මුඛවාඩම් දාගෙන. ඒත් තවමත් අපේ රටෙන් එක රෝගියෙක්වත් කොරෝනා වෛරසය හැදුනා කියළා වාර්තා වෙලා නෑ. එක් රෝගියෙක් වාර්තා වුනත් ඇයත් චින ජාතික කාන්තාවක්. මෙම රෝගයට බියපත්ව අද සමහර විදේශිකයින් විශේෂයෙන් චීන ජාතිකයින් ගමන් කරන බස් රථයකවත් ගමන් කරන්නට බියපත් වෙලා සිටිනවා. එම Read More

රන්ජන්ගේ සීඩී තැටියක් හැන්සාඩ් කාර්යාලයට

රන්ජන් රාමනායකගේ එක් සීඩී තැටියක් හැන්සාඩ් කාර්යාලයට භාර දී ඇති බව වාර්තා වෙයි ඒ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කුමක් ද යන්න පිළිබඳවත් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි

කළුතරට පිරිසිදු පානීය ජලය නොමැතිව විශාල ගැටළුවක්

වියළි කාලගුණික තත්ත්වයත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව පිරිසිදු පානීය ජලය නොමැතිව විශාල ගැටළුවකට මුහුණපා ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු වලට අනුව කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 51,162කට අයත් පුද්ගලයින් 218,393දෙනකු පීඩාවට පත්ව ඇත.

සමන් රත්නප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම 05 වැනිදා

සමන් රත්නප්‍රිය සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම 05 වැනිදා සිදු කෙරේ . එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට සමන් රත්නප්‍රිය සිල්වා මහතා පත්කරන ලෙස,  එම  පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා  දැනුම් දුන්නේය. ඒ Read More

නුවරඑළිය සිට කොළඹ සාමාන්‍ය බස් රථයක් අර්ධ සුඛෝපභෝගී යැයි පවසමින් වැඩිමුදලක් අය කරයි

පසුගියදා නුවරඑළිය සිට කොළඹ දක්වා ගමන් කළ සාමාන්‍ය බස් රථයක් එහි ගමන් කළ  මගීන්ගෙන් අර්ධ සුඛෝපභෝගී  යැයි පවසමින් වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධව තමන්ට වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධව වාර්තාවක් තමන්ට වහාම  ලබා දෙන ලෙස ප්‍රවාහණ කළමනාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය. මෙම බස් රථය Read More

සජිත්ගේ සන්ධානයේ නව මහලේකම් ටිපෙක්ස් කාරයෙක්

එක්සත් ජාතික පෙරමුණු නව සන්ධානයේ මහ ලේකම් ලෙස සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කළ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මීට පෙර අවස්ථාවක පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂක ලයිස්තුවක නමක් ටිපෙක්ස් කළ අයෙකි. මොණරාගල දිස්ත්‍රික්කයෙන් 2010 මහ මැතිවරණයට ඉදිරිපත් කරන  අපේක්ෂක ලැයිස්තුව පක්ෂයෙන් කණ්ඩායම් නායකයා ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත ලබා දුන් පසු ඔහු විසින් තමන් අකමැති අපේක්ෂකයාගේ Read More

හොර වෛද්‍යවරුන්ට වසර 5ක සිර දඬුවම්

ව්‍යාජ වෛද්‍යවරුන්ට වසර පහක සිර දඬුවමක් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත. යම් පුද්ගලයකු ව්‍යාජ වෛද්‍යවරයකු බව පරීක්ෂණවලින් තහවුරු වුවහොත් එම පුද්ගලයා රුපියල් 50,000ක දඩයකට යටත් කරන නමුත්, එම දඬුවම ප්‍රමාණවත් නොවන බැවින් දඩයට අමතරව වසර පහක සිර දඬුවමක්ද ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කරන Read More

කොළඹ අවට මාර්ග කිහිපයක් වැසේ

අද දහවල්12.00 දක්වා නිදහස් මාවත, විද්‍යා මාවත, මෙට්ලන් ප්ලේස්, මෙට්ලන් ක්‍රසන්ට්, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත,මාර්කස් ප්‍රනාන්දු මාවත, පදනම් පාර සහ විජේරාම පාර හෝර්ටන් වටරවුම මාර්ග වසා තැබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය, රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. ‘සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යවත් රටක්‘ යන්න මෙවර නිදහස් දිනයේ තේමාවයි.

කොරෝනා ආසාදිත කොළඹ අයි.ඩී.එච්. සිටි චීන කාන්තාවට සුවයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී කොරෝනා ආසාදිත වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව රෝහල් අාරංචි මාර්ග සදහන් කරයි. ඇය චීනයේ හුබෙයි පළාතේ සිට ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවකි. ශ්‍රී ලංකාව ලබාදුන් ඖෂධ හේතුවෙන් පූර්ණ සුවය ලබා තිබේ.

t

o

p