හොර වෛද්‍යවරුන්ට වසර 5ක සිර දඬුවම්

February 3, 2020

ව්‍යාජ වෛද්‍යවරුන්ට වසර පහක සිර දඬුවමක් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත.

යම් පුද්ගලයකු ව්‍යාජ වෛද්‍යවරයකු බව පරීක්ෂණවලින් තහවුරු වුවහොත් එම පුද්ගලයා රුපියල් 50,000ක දඩයකට යටත් කරන නමුත්, එම දඬුවම ප්‍රමාණවත් නොවන බැවින් දඩයට අමතරව වසර පහක සිර දඬුවමක්ද ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

වෛද්‍ය ආඥා පනතට අනුව මෙම දඬුවම ක්‍රියාවට නැංවිය හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.

මීට අමතරව ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් තොරතුරු දැන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් ආරම්භ කිරීමට යෝජනාවක්ද ඉදිරිපත් කිරීමට යයි. එම ඒකකයට තොරතු ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විය හැකි දුරකථන අංකයක් ලබාදීමටද පියවර ගන්නා බව වෛද්‍ය අලුත්ගේ පැවැසීය.

t

o

p