වරාය පරිශ්‍රයන්ගෙන් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර

February 5, 2020

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරාය ඇතුළු සියලූ වරායයන්ගෙන් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ සාර්ථක වැඩපිළිවෙලක් කොළඹ වරායේ දී ක්‍රියාවට නැංවේ.

වරාය හා නාවික ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් හා අධීක්‍ෂණයෙන් යුතුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතාගේ නායකත්වයෙන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා, හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා යන මහත්වරුන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන සියලූ වරායයන් තුළ ක්‍රියාවට නැංවේ.

කොළඹ වරාය කේන්රද්‍ර කර ගත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අනාරක්‍ෂිත බවත්, කොළඹ වරාය මගී පර්යන්තය වෙත පැමිණෙන මගී නෞකා සහ එම මඟීන් සම්බන්ධයෙන් කිසිදු ආරක්‍ෂිත ක්‍රමවේදයක් නොමැති බවට ඇතැම් පාර්ශ්වයන් විසින් පවසන කරුණු කාරණා සම්පුර්ණයෙන්ම අසත්‍ය වන බැව් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප‍්‍රකාශ කර සිටින අතර, ඒ සඳහා ඉතා ක්‍රමවත් නිරෝධායන ක්‍රියාවලියක් කොළඹ වරායේ ක්‍රියාත්මක වන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටීයි.

මේ පිළිබඳ අදහස් දැක් වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි සොයිසා මහතා, ‘‘කොරෝනා වෛරසය’’ ශ්‍රී ලංකාවට පැතිරීම වැළැක්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විශේෂ නිරෝධායන වැඩසටහනක් දියත් කර ඇති අතර, විෂයභාර අමාත්‍යතුමා, රාජ්‍ය අමාත්‍යතුමා, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම්තුමා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමාගේ මග පෙන්වීම හා අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බැව් පැවසීය.

තවද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන වැඩසටහන් අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්.එම්. ආන්ල්ඞ් මහතාගේ සහ නි. අධ්‍යක්‍ෂ රොෂාන් සම්පත් මහතාගේ පූර්ණ දායකත්වයෙන් මෙම වැඩසටහන දියත් කෙරෙන බවත්, මෙහිදි මගී නෞකාවල පැමිණෙන සංචාරකයින් සහ එම නෞකාවල සේවක මහත්ම මහත්මීන්ගේ වෛද්‍ය වාර්තා නෞකාවේ කපිතාන්වරුන් මගින් ලබාගෙන පරික්‍ෂා කිරීමටත්, අසාධිත හෝ ආසාධිත බවට සැක කෙරෙන හා උණ රෝගීන් වේනම් ඔවුන් පරික්‍ෂා කිරීමට සහ වෙන්කර තැබීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට ද සෞඛ්‍යාරක්‍ෂිතව හා ප‍්‍රවේසම් සහගත ලෙස නිර්දේශිත රෝහල් කරා යෑමට අවශ්‍ය ගිලන් රථ සේවා ඇතුළු සියලූ පහසුකම් සම්පාදනය ට ද කටයුතු සලසා ඇති බැව් පැවසීය.

එමෙන්ම, මෙම ක්‍රියාවලීයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලූ අධ්‍යක්‍ෂවරුන් සහ උසස් කළමණාකාරීත්වයේ නිලධාරි මහත්ම මහත්මීන්ගේ සහාය ලබා ගන්නා බවත්, විශේෂයෙන් වෛද්‍යෙ කොට්ඨාශයේ සහ වරාය සෞඛ්‍ය කාර්යාලයේ සියලූ නිලධාරින් හා සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම ඉතා වැදගත් බැව් පැවසීය.

තවද කොළඹ වරායේ සහෝදර පර්යන්තයන් වන SAGT, CICT සමාගම්වල හා වරාය පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, නැව් නියෝජිතයින්ගේ සංගමය, ලංකා නැව් මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ පූර්ණ දායකත්වය හිමිවන බැව් අවධාරණය කළේ ය.

එමෙන්ම, සංචාරක ගමනාන්තයක් ලෙසින් ශ්‍රී ලංකාව ලබා ඇති කීර්තිනාමය ඉහළ නංවා ගනිමින්මෙරටට පැමිණෙන මගී නෞකාවන්ගේ වර්ධනයක් අපේක්‍ෂා කරන බවත් ඒ සඳහා ශ්‍රී ලාංකේය වරායයන් හරිත වරායයන්, සුහුරු වරායක් බවට පත්වීමට යන ගමනේ දී නිරෝධායන වරායයන් ලෙසින් ලෝකයේම ඇගැයීමට ලක් කිරීමට පියවර ගැනීම වරාය උසස් කළමණාකාරීත්වයේ අරමුණ බව පැවසී ය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (නිරෝධායන) වෛද්‍ය එස්.එම්.ආනල්ඞ් මහතා අදහස් දක්වමින්, කොරෝනා වෛරසය මෙරටට ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට සිදුකරනු ලබන ජාතික වැඩසටහනට සමගාමීව කොළඹ වරායේ සිදුකරනු ලබන විශේෂ නිරෝධායන වැඩසටහන අති සාර්ථක බවත්,  ඕස්ට්‍රේලියාවෙන් ගමන් අරඹා තායිලන්තයේ සිට කොළඹ වරායට පැමිණි Sun Princess මගී නෞකාවේ මඟීන් පරික්‍ෂාවට ලක් කළ බවත්, නෞකාවේ කිසිදු රෝගියෙකු හෝ රෝග ලක්‍ෂණ සහිත පුද්ගලයන් හමු නොවූ බවත් අවධාරණය කළේ ය.

වැඩිදුරටත් කරුණු දැක් වූ නිරෝධායන අධ්‍යක්‍ෂ ආනල්ඞ් මහතා, වරාය හා නාවික අමාත්‍යාංශයේත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමා ප්‍රමුඛ කළමණාකාරීත්වය මේ සඳහා පූර්ණ ලෙස ඇප කැප වී පෙර සූදානමක් සහිතව කටයුතු කිරීම අගය කළ යුතු බවත්, ඒ සඳහා තමාගේ ත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ත් ප්‍රණාමය හිමිවිය යුතු බැව් පැවසීය. තවද, මෙම නිරෝධායන ක‍්‍රියාමාර්ග ශ්‍රී ලාංකේය සියලූ වරායයන්ගේ සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට අපේක්‍ෂා කරන බවත් පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා, ජ්‍යෙෂ්ඨ කළමණාකරු (ආරක්‍ෂක) කේ. ජී. උපාලි මහතා ඇතුළු වරාය අධිකාරියේ උසස් නිලධාරීන්, නැව් නියෝජිතවරුන් හා ශ්‍රී ලංකා වෛද්‍ය කොට්ඨාශයේ සහ වරාය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවක මහත්ම මහත්මීන් එක් වූ හ.

t

o

p