නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් 02ක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

April 28, 2024

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

ඒ අනුව ඉතාලි ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.ඒ රොද්‍රිගෝ මහතා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

එයට අමතරව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඒ. සී.එම්. න‍ෆීල් මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

තවද ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඩබ්ලිව්. ඒ. ඩී.එස් ගුණසිංහ මහතා පත් කිරීමට සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නව සභාපතිවරයා ලෙස එන්.කේ.එස්. ජයසේකර මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

t

o

p