ගුරුවරුන් 40,000ක හිඟයක්

April 29, 2024

දිවයින පුරා පාසල්වල ගුරුවරුන් 40,000ක පමණ හිඟයක් ඇති බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාත සඳහා අවස්ථා දෙකකදී පත්වීම් ලබා දීමේ උත්සව පවත්වා බඳවා ගත් 2200ක පමණ පිරිස තවමත් විධිමත් ලෙස ස්ථානාගත කර නොමැති අතර මේ හේතුවෙන් ඉදිරි පාසල් වාරයේදී සිසුන්ට විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැති වන බවයි වාර්තාවෙයි.

ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියේ, රජයේ වියදම් අවම කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බැවින් නිසි පරිදි ගුරුවරුන්ට පත්වීම් ලබා දීම කල් දමමින් සිටින බවයි.

t

o

p