ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

April 29, 2024

21 වැනි ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලු‍යම දිවයිනට පැමිනෙණ ලදි.

මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනෙකු සහභාගි විය.

මෙම තරගාවලිය සඳහා රටවල් 34 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටි අතර, තුන් පිම්ම ගැහැණු සහ මීටර් 100 – 4 පිරිමි සහාය දිවීමේ ඉසව්වලින් නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවමින් රිදී පදක්කම් 02 ක් දිනාගෙන තිබුණි.

එමෙන්ම මීටර් 400 – 4 සහාය දිවීම පිරිමි, ගැහැණු සහ මිශ්‍ර ධාවන ඉසව් වලින් ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

t

o

p