පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදු කළ 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව ත්‍රිකුණාමලය පෝඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සහ සිලාවතුර කොණ්ඩච්චිකුඩා මුහුදු ප්‍රදේශයේ කළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.
ධීවර කටයුතු සදහා යොදා ගැනුණු ඩිංගි යාත්‍රා දෙකක් කිමිදුම් උපකරණ සහ තවත් ආම්පන්න රැසක්ද නාවික හමුදාව සොයා ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීම සදහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදු කරයි.