සජිත්ගේ සන්ධානයේ නව මහලේකම් ටිපෙක්ස් කාරයෙක්

February 4, 2020

එක්සත් ජාතික පෙරමුණු නව සන්ධානයේ මහ ලේකම් ලෙස සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කළ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මීට පෙර අවස්ථාවක පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂක ලයිස්තුවක නමක් ටිපෙක්ස් කළ අයෙකි.

මොණරාගල දිස්ත්‍රික්කයෙන් 2010 මහ මැතිවරණයට ඉදිරිපත් කරන  අපේක්ෂක ලැයිස්තුව පක්ෂයෙන් කණ්ඩායම් නායකයා ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත ලබා දුන් පසු ඔහු විසින් තමන් අකමැති අපේක්ෂකයාගේ නම ටිපෙක්ස් යොදා මකා වෙනත් පුද්ගලයකු ගේ නමක් ඇතුලත් කර මැතිවරණ කාර්‍යාලයට බාර දෙන ලදි.

මංගල සමරවීර මහතා ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙද්දී මොණරාගල දිස්ත්‍රික්කයෙන් තිස්ස කුට්ටිආරච්චි ද ඔවුන් සමග එක් විය.

ඔහු මොණරාගල  ප්‍රදේශයේ  ජන්ප්‍රිය චරිතයක් විය. එම නිසා පක්ෂය ඔහුව 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරීමට තීරණය කළ අතර ඊට රන්ජිත් මද්දුම බණ්ඩාර වීරෝධය පළ කළේය .

නමුත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩිව කියා සිටියේ තිස්ස කුට්ටිආරච්චි අනිවාර්යයෙන්ම මොණරාගල අපේක්ෂක ලැයිස්තුවට ඇතුලත් විය යුතු බවයි
ඒ අනුව තිස්ස කුට්ටිආරච්චි ගේ නම ඇතුලත් අපේක්ෂක ලැයිස්තුව කණ්ඩායම් නායක රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත පක්ෂ මහ ලේකම් විසින් බාර දුන් පසු ඔහු විසින් තිස්ස කුට්ටිආරච්චි ගේ නම මකා වෙනත් අයෙකුගේ නමක් ඇතුලත් කර මැතිවරණ කාර්යාලයට බාර දෙන ලදි.

මෙසේ අපේක්ෂක ලැයිස්තු ටිපෙක්ස් කළ පුද්ගලයකු සන්ධානයේ මහලේකම් ලෙස පත් වූ පසු ඉදිරි මහ මැතිවරණයේදී ඔහුගේ විරුද්ධ වාදීන්ට නාමයෝජනා ලැබීම ගැටලුවක් බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු පවසයි 

t

o

p