Local News

කළු මාමාට මාසික විශ්‍රාම වැටුපක්

ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යයේ කරඩුව වැඩමවීමේ දුර්ලබ භාග්‍ය උදාකරගත් නැදුන්ගමුවේ රාජා හස්ථියා රැකබලාගත් කළු මාමා හෙවත් විල්සන් කොඩිතුවක්කු මහතාගේ සේවය ඇගයීමට දළදා මාලිගය කටයුතු කරන ලදි. ඒ අනුව ඒ මහතා වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබාදීම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි. විල්සන් කොඩිතුවක්කු මහතාට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීම මෙන්ම දළදා පෙරහැර සදහා සහභාගිවන Read More

ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි. රුපියල් මිලියන 70 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කිලිනොච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන Read More

සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණයෙහි වර්ධනයක්

දේශීය ණය ප්‍රශස්තිකරණය සම්බන්ධයෙන් වූ සැලැස්ම ප්‍රකාශයට පත් කිරීමත් සමග පැවති අවිනිශ්චිතභාවය හේතුවෙන් සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණයෙහි යම් වර්ධනයක් වාර්තා වූ බව මහ බැංකුව පවසයි. අප්‍රේල් මස උත්සව සමය තුළදී ද එය සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර, ඉන්පසුව සාමාන්‍ය ආර්ථික තත්ත්ව පවතින කාල සීමාවලදී දක්නට ලැබෙන ප්‍රවණතාවට සමානව පහළ යනලදි. බදු පැනවීමේ ක්‍රියාමාර්ගවලට Read More

ජනපතිගේ සහායට උතුරේ දේශපාලන පක්ෂ රැසක් එක්වෙයි

මෙවර ජනාධිපතිවරණයේදී ජනපතිගේ ජය තහවුරු කිරීමට කැපවන බවට උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ කිහිපයක් සහතික වෙයි. යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ පිහිටි ඊපීඩීපී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ක්‍රියාකාරීන් සමග පැවති සාකච්ඡාවකට එක්විය. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙහිදී කියා සිටියේ උතුරු සහ නැගෙනහිර පළාත් මෙන්ම සමස්ත රටම එක ලෙස සංවර්ධනය කරා ගෙන යාමේ Read More

මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් පනස් දහසක්

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. මැතිවරණ රාජකාරී කටයුතු සඳහා නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා සකස් කිරීම ආරම්භ කළ බව සදහන් කරයි. ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් වැඩි පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වෙයි. මීට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව Read More

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණය කොමිසමට කැඳවයි

ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා ඇත. ඒ අනුව මැතිවරණ කොමිසන් සභා ප්‍රධාන කාර්යාලයේදී අද (03) පෙරවරුවේ එම සාකච්ඡාව ආරම්භ වූ බව සදහන් වේ. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මේ වනවිට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර එළඹෙන සඳුදා දින මාධ්‍ය Read More

සැප්තැම්බර් මස සිට විශ්‍රාමිකයන්ට සුබ පණිවිඩයක් !

රාජ්‍ය සේවය කළ සියලුම විශ්‍රාමිකයන් වෙත දැනට ලබා දෙන රුපියල් 2,500ක දීමනාවට අමතර රුපියල් 3,000ක් එකතු කොට එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබා දීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සලකා බලමින් අදාළ ඉදිරි සංශෝධන සිදු කිරීම සඳහා ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි යූ.ආර්. සෙනෙවිරත්නගේ Read More

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට සම්මානයක්

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ඒ 2024 ගෝලීය සංචාරක සම්මාන උළෙලේදීයි. මෙම සම්මාන උළෙල පැවැත්වුණේ ඉන්දියාවේ නවදිල්ලී හීදි. ලෝක ප්‍රකට Forbes සඟරාව 2023 ලොව හොඳම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්‍රී ලංකාව නම් කරනු ලැබීය. පසුගිය සමයේ ඇති වූ පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්වය සහ ආර්ථික Read More

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ අරඹනවා – ජනාධිපති

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවත් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර 04 පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදිමට නොහැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට බංකොළොත්භාවයෙන් Read More

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට සුදානම්

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන්විමට සුදානම් බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. ඒ සදහා ඩොලර් මිලියන 5කට වැඩි මුදලක් වෙන්කර අවසන් බවයි අමාත්‍යවරයා කියා සිටියි.

t

o

p