ජනපතිගේ සහායට උතුරේ දේශපාලන පක්ෂ රැසක් එක්වෙයි

August 4, 2024

මෙවර ජනාධිපතිවරණයේදී ජනපතිගේ ජය තහවුරු කිරීමට කැපවන බවට උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ කිහිපයක් සහතික වෙයි.

යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ පිහිටි ඊපීඩීපී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ක්‍රියාකාරීන් සමග පැවති සාකච්ඡාවකට එක්විය.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙහිදී කියා සිටියේ උතුරු සහ නැගෙනහිර පළාත් මෙන්ම සමස්ත රටම එක ලෙස සංවර්ධනය කරා ගෙන යාමේ පුළුල් දැක්මක් හා වැඩපිලිවෙලක් ඇති එකම නායකයා ජනාධිපතිවරයා බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවයි.

රටත් ජනතාවත් බේරාගැනීමට නිර්භීතව ඉදිරිපත් වූ ජනාධිපතිවරයාට රටේ ඉදිරි අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව ද පවතින බවයි ව්‍යලේන්ද්‍රන් මහතා මෙහිදී පෙන්වා දෙයි.

t

o

p