මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් පනස් දහසක්

August 3, 2024

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා සකස් කිරීම ආරම්භ කළ බව සදහන් කරයි.

ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් වැඩි පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වෙයි.

මීට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

t

o

p