දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණය කොමිසමට කැඳවයි

August 3, 2024

ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා ඇත.

ඒ අනුව මැතිවරණ කොමිසන් සභා ප්‍රධාන කාර්යාලයේදී අද (03) පෙරවරුවේ එම සාකච්ඡාව ආරම්භ වූ බව සදහන් වේ.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මේ වනවිට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර එළඹෙන සඳුදා දින මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පවසයි.

t

o

p