සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට සම්මානයක්

August 3, 2024

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ඒ 2024 ගෝලීය සංචාරක සම්මාන උළෙලේදීයි.

මෙම සම්මාන උළෙල පැවැත්වුණේ ඉන්දියාවේ නවදිල්ලී හීදි.

ලෝක ප්‍රකට Forbes සඟරාව 2023 ලොව හොඳම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්‍රී ලංකාව නම් කරනු ලැබීය.

පසුගිය සමයේ ඇති වූ පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යම් බිඳවැටීමකට ලක්වූ අතර ඒ සෑම අභියෝගයක්ම ජයගනිමින් අද වන විට මෙරට සංචාරක කර්මාන්තය සුවිශාල ප්‍රගතියක් ලබා තිබේ. එවන් තත්ත්වයක් තුළ ඉන්දියාවෙන් නව දිල්ලි නුවරදී ලැබුණු මේ සම්මානය ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයකි.

t

o

p