Local News

සියලුම විශ්‍රාමිකයන්ට දැනුම්දීමක්

රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. සැප්තැම්බර් මාසයේ දීමනාවද ඔක්තෝම්බර් මාසයේ සිට ගෙවන බවයි සඳහන් වෙයි. අදාළ චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කර තිබේ.

ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ විදී සංචාරය කෙරේ

මහනුවර දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(19) රාත්‍රීයේ වීදී සංචාරය කෙරේ. සිව්වැනි රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් වීදී සංචාරය කෙරිණ.මේ අතර, මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි. පොලිසිය පැවසුවේ, ඒ සඳහා පොලිස් නිලධාරින් හය දහසකට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා Read More

බෙලරුසියාව දේශසීමාවට හමුදාව කැඳවයි

බෙලරුසියාව සහ යුක්‍රේනය සිය දේශසීමාවේ හමුදා ශක්තිය වැඩි කිරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පැවසුවේ යුක්‍රේනය, දේශසීමාව ආසන්නයේ හමුදා භටයින් 120,000ක් පමණ ස්ථාන ගත කර ඇති බවයි. ලුකෂෙන්කෝ, රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගේ සමීපතමයෙකි. මේ අතර ලුකෂෙන්කෝ පවසා ඇත්තේ යුක්‍රේන ක්‍රියාවට ප්‍රතිචාර ලෙස සිය හමුදාවෙන් වැඩි ප්‍රමාණයක් දේශසීමාවේ Read More

රුපියල 8.4%කින් වර්ධනය වෙයි

මෙම වසරේ ගත වු කාල සීමාව තුළ ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8යි දශම 4කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසයි. අගෝස්තු මාසයේ මුල් ප්‍රතිපත්ති වාර්තාව අනුව උද්ධමනය ද 5%ක මට්ටමක පවතිනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙයි. ඉදිරි මාසවලදී තවදුරටත් ඉලක්ක ගත මට්ටමට වඩා උද්ධමනය අඩුවනු ඇතැයි අපේක්ෂා කරයි. මේ අතර ජූලි Read More

වැඩිම වර්ෂාපතනය කෑගල්ලට

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසකට තවමත් වැසි ඇදහැලෙමින් පවතියි. ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එම අගය මිලිමීටර් 148.5 ක් බවයි කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ. මේ අතර කළු ගඟේ අතුගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් ගංවතුර තත්ත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශේෂ රැස්වීමක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන 20 වැනිදා රැස්වීමට නියමිතව ඇත. ඒ, මෙම වසරේ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසාලන තරගාවලිය පවත්වන රට සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි. ලබන ඔක්තෝබර් මස තුන්වෙනිදා මෙම තරගාවලිය බංගලාදේශයේ පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ. කෙසේ වෙතත් මේ වනවිට එරට තුළ ඇති ව තිබන ආණ්ඩු විරෝධී විරෝධතා හේතුවෙන් එහි ආරක්ෂාව Read More

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කිරීමට සියල්ල සූදානම්

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. රාජ්‍ය ආයතන තුළ ඡන්ද ප්‍රචාරක කටයුතු කිරීම සපුරා තහනම් බවද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි. මේ අතර මැතිවරණ පැමිණිලි 519 ක් ලැබී ති‌බේ.එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් හා නීති උල්ලංඝණය කිරීම් 503 ක් ඒ අතර වෙයි.

ඉන්දු – ශ්‍රී ලංකා පළමු මගී යාත්‍රාව දිවයිනට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වූ මගී යාත්‍රා සේවයේ පළමු යාත්‍රාව ඊයේ (16) දිවයිනට ළඟා වුණි. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා යාත්‍රා කළ මෙම යාත්‍රාවේ මගීන් 41ක් ගමන් ගෙන තිබුණි. මෙම යාත්‍රාව සෑම දිනකම උදෑසන 8 ඉන්දියාවේ නාගපට්නම්වලින් පිටත්වන අතර එය ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සිට සවස 2ට නැවත ගමන් අරඹයි.

සිවිල් ආරක්ෂක බලකායට ලැබෙන 350 සලාක දීමනාව රු.500 ක් කිරීමට රජය තීරණය කරයි

සිවිල් ආරක්ෂක බලකායට අයත් සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ තවත් සුවිසල් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් නිවසක් නොමැති සාමාජිකයන් හට නිවසක් ඉදිකර ගැනීමටත්, පවතින නිවාස වල අලුත්වැඩියා කටයුතු සිදු කර ගැනීමටත් අවශ්‍ය කරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක බලකාය වෙතින් ලබා දීමට රජයේ තීන්දු කොට තිබේ.සාමාජිකයන් 100 දෙනෙකු සඳහා මෙහි මූලික අවස්ථාවේ සහන Read More

ළාබාලතම කතක් තායිලන්තයේ අගමැති ධූරයට

තායිලන්ත අගමැති ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ හිස් වූ ධූරයට පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාලක පක්ෂය විසින් ඇයගේ නම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර ඊට බහුතර අනුමැතිය හිමි වූ බවයි. මේ වන විට ඇය 37 වන වියේ පසුවන අතර තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් Read More

t

o

p