සිවිල් ආරක්ෂක බලකායට ලැබෙන 350 සලාක දීමනාව රු.500 ක් කිරීමට රජය තීරණය කරයි

August 17, 2024

සිවිල් ආරක්ෂක බලකායට අයත් සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ තවත් සුවිසල් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් නිවසක් නොමැති සාමාජිකයන් හට නිවසක් ඉදිකර ගැනීමටත්, පවතින නිවාස වල අලුත්වැඩියා කටයුතු සිදු කර ගැනීමටත් අවශ්‍ය කරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක බලකාය වෙතින් ලබා දීමට රජයේ තීන්දු කොට තිබේ.
සාමාජිකයන් 100 දෙනෙකු සඳහා මෙහි මූලික අවස්ථාවේ සහන සැලසෙනු ඇති බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

වසර ගණනාවක සිට සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් විසින් සිදු කල ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සඳහා දැනට රු.350 ක් ලෙස ලැබෙන දෛනික සලාක දීමනාව රු.500 ක් දක්වා ඉහළ නැංවීමට රජයේ තීන්දු කොට තිබේ.
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඔවුනට ලැබෙන දෛනික සලාක දීමනාව ප්‍රමාණවත් නොමැති බව සලකා බැලීමෙන් අනතුරුව මෙම සලාක දීමනා අගය වැඩිකිරීමට රජය තිරණය කර ඇති අතර, එමගින් යම් මට්ටමකට ඔවුන්ගේ ජිවන තත්වය ස්ථායි කර ගැනීමට පිටුවහලක් වනු ඇති බවද රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මෙහිදී තවදුරටත් ප්‍රකාශ කරයි.

ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක බලකාය යුද්ධය අවසන් කිරීමට දායකත්වයක් දැක් වූ වර්තමානයේ මෙරට ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ සමාජයේ යහ පැවැත්ම උදෙසා අතිශය වැදගත් කාර්‍යභාරයක් සිදු කරනු ලබයි.

t

o

p