ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ විදී සංචාරය කෙරේ

August 19, 2024

මහනුවර දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(19) රාත්‍රීයේ වීදී සංචාරය කෙරේ.

සිව්වැනි රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් වීදී සංචාරය කෙරිණ.මේ අතර, මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

පොලිසිය පැවසුවේ, ඒ සඳහා පොලිස් නිලධාරින් හය දහසකට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා ඇති බවයි.ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මහනුවර නගරය හරහා ධාවනය වන රථවාහන වෙනුවෙන් විකල්ප මාර්ග ද හඳුන්වාදී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

පොලිසිය පැවසුවේ, පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුල රථවාහන ගාල් කිරීමේ ස්ථාන 9 ක් හඳුන්වාදී ඇති බවයි.මේ අතර, පෙරහැර මංගල්‍ය වෙනුවෙන් මෙවරත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙයි.ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ඒ සඳහා බස් රථ 550කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇතැයි බවයි.

අද දිනයෙත් කොටුව, නාවලපිටිය හා මාතලේ සිට මහනුවර දක්වා අමතර දුම්රියක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

t

o

p