Local News

නිල ඡන්ද පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 සිට

2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවයි. රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු Read More

රියදුරු බලපත් අවලංගු කිරීම ගැන නිවේදනයක්

රියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන පුවත සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව හෝ රජය විසින් මෙතෙක් ගෙන නොමැති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් ප්‍රවාහන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව Read More

ගංවතුර ගැන දැනුම්දීමක්

දින කිහිපයක් පුරා ඇද හැලුණු වර්ෂාවේ අඩුවීමක් මේ වනවිට දැකගැනීමට හැකිවුවත්, පැවති අවදානම් තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි. දිවයිනේ නවතම තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීමක් සිදුකරමින් වාරිමාර්ග ඉංජිනේරු (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) ජී. ඩබ්. ඒ. සකුරා දිල්තාරා මහත්මිය අද (22) පස්වරුවේ පවසා සිටියේ කළු, ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණීන්ගේ ගංවතුර Read More

ගුරු විද්‍යාල අවසාන විභාගය ගැන දැනුම්දීමක්

ගුරු විද්‍යාල අවසාන විභාගය – 2021/2022 (2024) උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා වන පුහුණු පාඨමාලා විභාගය – 2023(2024) අගෝස්තු මස 26 දින සිට 2024.09.01 දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයෙන් දක්වා ඇත්තේ විභාගයට අදාල (ප්‍රායෝගික පරීක්ෂණ ද ඇතුළුව) පැවැත්වීමට නියමිත බවයි. ගුරු විද්‍යාල අවසාන විභාගය සදහා අයදුම්කළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර Read More

ධීවරයින්ට හා තේ වගාකරුවන්ට අද(22)සිට සහනාධාරයක්

ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම සහනාධාර අද (22) සිට ක්‍රියාත්මක යි.

රටවල් 35ක පුරවැසියන්ට වීසා රහිතව මෙරටට ඇතුළුවීමට අවස්ථාව

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහායි.

මැතිවරණ ආරවුල් විසඳන්න රට පුරා මධ්‍යස්ථාන

මැතිවරණ ආරවුල් ගැන දැනුම්දීම සඳහා රටම ආවරණය පරිදි ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.ඒ පිළිබඳ මැතිවරණ කොමිසම මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සියළුම දිස්ත්‍රික්ක සඳහා මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවයි.එම මධ්‍යස්ථානවල දුරකථන අංක සහ ලිපිනයන් ඇතුළු විස්තර එම නිවේදනයේ සඳහන්.මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කළ, අදාල නිවේදනය පහතින්,

මෙම වසරේ පළමු මාස හයේ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එමෙන්ම මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක අපනයන ආදායමක් ලබා ඇති බවයි ඔහු පැවසුවේ. ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් Read More

රනිල් වික්‍රමසිංහ වතාවක් නෙවෙයි දේවතාවක් කඩා වැටුණු ආර්ථිකය ගොඩනංවා පෙන්නුවා – ඇමති අලි සබ්රි

රටේ සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ජනාධිපතිවරයාට සහාය පළකරන මුස්ලිම් මන්ත්‍රිවරුන් පවසයි. කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපතිවරයාට සහාය පළකරන මුස්ලිම් මන්ත්‍රිවරුන් සඳහන් කළේ මෙරට මුස්ලිම් ප්‍රජාවගෙන් 60% ක් මෙවර මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට Read More

සතොසෙන් මිලියන 93ක ශුද්ධ ලාභයක්

ලංකා සතොස සමාගම 2024 පළමු මාස හය තුළ මිලියන 93ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව නිවේදනය කරයි. ලංකා සතොස සමාගමේ මූල්‍යමය තත්ත්වයන්හි විනිවිද භාවය මහජනතාව දැනුවත් කිරීම සඳහා සියලු තොරතුරු වෙබ් අඩවිය (www.lankasathosa.org) හරදා දන්වා තිබේ. ඒ අනුව 2005 වසරේ ආරම්භ කළ සතොස සමාගමේ 2024 පළමු කාර්තු දෙක තුළ මිලියන 26774ක ශුද්ධ ආදායමක් උපයා ඇති Read More

t

o

p