මෙම වසරේ පළමු මාස හයේ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

August 21, 2024

2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

එමෙන්ම මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක අපනයන ආදායමක් ලබා ඇති බවයි ඔහු පැවසුවේ.

‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කරනලදි.

මේ අතර පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම්ගත වී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ආයෝජන කලාප 15ක් සඳහා පහසුකම් සපයන අතර එම ආයෝජන කලාපවල සමාගම් 1575ක් මේ වන විට මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන බව එහිදී අනාවරණය වී තිබේ.

ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් මෙම ආයෝජන කලාප තුළ රැකියා සිදු කරන බව පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා වත්මන් රජයේ නව ආයෝජන වැඩසටහන යටතේ මාන්කුළම්, පරන්තන්, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය, ඉරණවිල, හම්බන්තොට හා බිංගිරිය යන ප්‍රදේශ ආශ්‍රිතව නව ආයෝජන කලාප හතක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර ඇත.

t

o

p