රියදුරු බලපත් අවලංගු කිරීම ගැන නිවේදනයක්

August 23, 2024

රියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන පුවත සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව හෝ රජය විසින් මෙතෙක් ගෙන නොමැති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ නමුත් ප්‍රවාහන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සලකා බලා රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව සඳහන් කරයි.

නව ක්‍රමවේදය හරහා රියදුරෙකු රථවාහන වරදක් සිදුකිරීමෙන් පසු රථවාහන පොලිස් නිලධාරියා විසින් ලබාදෙන දඩ පත්‍රිකාව අනුව එම අවස්ථාවේදීම දඩ මුදල් ගෙවීම සඳහා වූ ඩිජිටල් පද්ධතිය සකස් වී ඇති බවත් එම වරදට හිමිවන දඬුවම් ලකුණු ප්‍රමාණය රියදුරු බලපත්‍රයට එකතු වෙනු ඇති.

මෙම අසාදු ලකුණු ක්‍රමවේදය ලකුණු 24ක් දක්වා ආ පසු රියදුරු බලපත්‍රය අවලංගුවීම සිදුවනු ඇති.

එසේ අවලංගු වන රියදුරු බලපත්‍රය නැවත ලබාගැනීම සඳහා රියදුරෙකු වසරකට පසු නැවත මුල සිට සියලු කාර්යයන් සම්පූර්ණ කර පැමිණිය යුතුව තිබේ.

t

o

p