නිල ඡන්ද පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 සිට

August 23, 2024

2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවයි.

රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව ඒ මහතා පැවසීය.

ඒ මහතා ඉල්ලීමක් කරමින් පැවසුවේ එය භාර ගැනීම සඳහා එම දිනයේ දී නිවැසියන් ට නිවෙස්වල රැදී සිටින ලෙසට ය.

එමෙන්ම ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සැප්තැම්බර් මස 14 වනදා අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති බවත් ඉන් පසුව ගෙයින් ගෙට ගොස් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදුනොකරන බවත් ඒ මහත ප්‍රකාශ කළේය.

t

o

p