සතොසෙන් මිලියන 93ක ශුද්ධ ලාභයක්

August 21, 2024

ලංකා සතොස සමාගම 2024 පළමු මාස හය තුළ මිලියන 93ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව නිවේදනය කරයි.

ලංකා සතොස සමාගමේ මූල්‍යමය තත්ත්වයන්හි විනිවිද භාවය මහජනතාව දැනුවත් කිරීම සඳහා සියලු තොරතුරු වෙබ් අඩවිය (www.lankasathosa.org) හරදා දන්වා තිබේ.

ඒ අනුව 2005 වසරේ ආරම්භ කළ සතොස සමාගමේ 2024 පළමු කාර්තු දෙක තුළ මිලියන 26774ක ශුද්ධ ආදායමක් උපයා ඇති අතර එය 2023 කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට හතරක නැතහොත් මිලියන 837ක ආදායම් වර්ධනයකි.

එමෙන්ම 2024 වසරේ දෙවන කාර්තුව අවසානයේ සමාගම මිලියන 93ක ශුද්ධ ලාභයක් උපයා ඇති අතර පසුගිය වසරේ මේ කාල පරිච්ඡේදය වාර්තා කළ අලාභය මිලියන 333කි . එනම් අලාභය 2023 කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට එකසිය අටකින් අඩුවී ඇත.

2024 ජනවාරි මස සිට සේවක වැටුප මසකට රුපියල් දහදාහකින් වැඩිවීම සහ රාජ්‍ය භාණ්ඩාගාරයේ කිසිදු මූල්‍ය ප්‍රතිපාදනයක් නොමැති තත්ත්වයක් තුළ වුවද ලංකා සතොස සමාගම පළමු මාස හය තුළ මිලියන 93ක ලාභයක් උපයා ඇත.

t

o

p