කජු නිෂ්පාදනයෙන් ඉහළ ආදායමක්

August 21, 2024

ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙමින් කජු නිෂ්පාදනයෙන් ඉහළ ආදායමක් ලබාගැනීමට රජයට අයත් හලාවත වැවිලි සමාගම සමත්ව තිබේ.

ඉතිහාසයේ වැඩිම ආදායම මෙසේ වාර්තා කළ බවයි එම සමාගමේ පාලන අධිකාරීය පවසයි. ලොව පුරා කජු නිෂ්පාදන අතර ශ්‍රී ලංකාවේ කජු සඳහා ඉහළම ඉල්ලුමක් පවතියි.

මෙරට කජු රසයෙන් මෙන්ම ගුණාත්මක බවින් ඉහළම මට්ටමක පැවතීම ඊට හේතුවයි. වියලි කලාපයේ සාර්ථකව වැවෙන කජු ගොවීන්ට ඉහළ ආදායමක් ලබා දෙන සාර්ථක වගා ව්‍යාපෘතියක්.

මෙය මනාව අවබෝධකරගත් හලාවත වැවිලි සමාගම තම්බපන්නි/ මංගලඑලිය /වතුකොට්ඨාස/ හලාවත සහ බිංගිරිය වතුකොට්ඨාස තුළ හෙක්ටාර 800 කට වඩා වැඩි භූමියක කජු වගාව ආරම්භ කරනලදි.

ඉන් මේ වන විට සාර්ථක අස්වැන්නක් වසර තුනක් පුරා ලැබෙමින් පවතියි.

ටොන් 200 කට වැඩි වාර්තාගත කජු අස්වැන්නක් ලබාගත හැකි වූ අතර පලුගස්වැව වතු කොට්ඨාසය තුළ පිහිටි කජු සැකසුම් මධ්‍යස්ථානයේදී සැකසෙන කජු අපනයනයට ද පියවර ගෙන තිබේ.

යුරෝපීය රටවලින් මෙන්ම දේශීය ව ද මෙම කජු සදහා ඉහළ ඉල්ලුමක් පවතින බව එම නිෂ්පාදනවල වත්මන් තත්ත්වය සොයා බැලීමට එක් වූ හලාවත වැවිලි සමාගමේ සභාපති ජූඩ් රූකාන්ත පෙරේරා මහතා සදහන් කරයි.

t

o

p