Foreign News

දිනක් තුළ ඉන්දියාවෙන් ආසාදිතයින් 24 879ක්

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් 24,879 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය ඉන්දියාවේ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 767,296ක් වේ.

පාකිස්තානයේ ඇමතිවරු දෙදෙනෙක්ට කොරෝනා

පාකිස්තානයේ අමාත්‍යවරු දෙදෙනෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. එරට විදේශ අමාත්‍ය ෂාහ් මහමුද් සහ සෞඛ්‍ය අමාත්‍ය සෆාර් මිර්සාහට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජුලි මාසය අවසන් වන විට පාකිස්තානයේ කොවිඩ් ආසාදිතයින් මිලියනය ඉක්මවිය හැකි බව එරට රජය පෙන්වාදෙයි. මේ වන විට පාකිස්තානය තුළ කොවිඩ් ආසාදිතයින් 231,818ක් සිටින අතර මරණ 4,762ක් Read More

චීනයේ මොන්ගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙක් හමුවේ

චීන පාලනය යටතේ පවතින අභ්‍යන්තර මොන්ගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙක් හමුවීමත් සමග ම එම කලාපයේ සෞඛ්‍යාරක්ෂිත කටයුතු වැඩි කිරීමට චීන බලධාරීන් ක්‍රියාකර ඇති බව වාර්තා වේ.   එම හඳුනාගත් රෝගීයා එඬේරෙකි. ඔහු මේවන විට නිරෝධායනට ලක්කර සිටින බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වල දැක්වේ. එම පුද්ගලයාට රෝගය වැළඳුනේ කෙසේ ද යන්න පැහැදිළි නැත.

ඉන්දියාව කොරෝනා ව්‍යාප්තියේ තුන්වැනි තැන තෙක් ඉහලට

ඉන්දියාව තුල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඊයේ දිනය තුළ ආසාදිතයන් 23900 ඉක්මවා වාර්තා කර ඇත. ඉන්දියාවෙන් පුද්ගලයන් 421 ඊයේ කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇත. ඒ සමඟම ඉන්දියාව කොරෝනා ආසාදිතයන් ව්‍යාප්තිය වැඩිම ලයිස්තුවේ තුන්වැනි තැනට පත්ව ඇත.

ලොව විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ඉතාලියෙන්

ලොව මෙතෙක් සිදුකරනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ඊයේ(01) ඉතාලියේ දී සිදු කර තිබේ.   මෙහිදී මෙටි‍්‍රක් ටොන් 14 ක ඇම්ෆෙටැමයින් නැමැති මත්පෙති සොයා ගෙන ඇති අතර ඒවා ඉතාලි පොලිසිය විසින් රාජසන්තක කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  සිරියාවේ ක්‍රියාත්මක අයි එස් අයි එස් ත්‍රස්තයන් විසින් මේවා ඉතාලියට එවා ඇති බවට එරට පොලීසිය සැක කරන Read More

ටික් ටොක් ඇතුළු ඇප් 59ක් ඉන්දියාවේ තහනම්

ටික් ටොක් ඇතුළු චීන දුරකථන යෙදුම් 59ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. මෙම දුරකථන යෙදුම් හේතුවෙන් රටේ ස්වෛරීභාවයට, ආරක්ෂාවට සහ මහජන සාමය යන කරුණුවලට අගතියක් සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය පවසයි. ඒ අනුව ටික් ටොක්, වී චැට්, යූ සී බ්‍රවුසර් වැනි චීන නිෂ්පාදිත යෙදුම් 59ක් තහනම් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා රැල්ලක් ?

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් නිර්මාණය වී ඇත.  වෛරස ව්‍යාප්තියේ පාලනයක් පෙන්නුම් කළ ඔස්ට්‍රේලියාවේ යලි අවදානම් තත්ත්වයක් නිර්මාණය කිරීමට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන මෙම නව ආසාදිතයින් හේතුවී තිබේ. පුද්ගල දුරස්ථභාවය පිළිබඳ නිසි ක්‍රමවේදයන් අනුගමනය කළ ද දුම්වැටි දල්වනයක් හුවමාරු කරගනිමින් භාවිත කිරීමෙන් වෛරසය පැතිර ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව ප්‍රාන්ත Read More

අයිෆල් කුළුණ යළි විවෘත වෙයි

ප්‍රංශයේ පැරිස් නුවර ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුණ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබුණි.   සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අයිෆල් කුළුණ සංචාරකයින් සඳහා යළි විවෘත කිරීමට බලධාරින් පියවර ගෙන ඇත.  1889 වසරේ සිට වාර්ෂිකව මිලියන 07ක පමණ සංචාරකයින් පිරිසක් අයිෆල් කුළුණ නැරඹීමට පැමිණි අතර ඉන් බහුතරයින් විදේශකයින් බව සඳහන්.

‘ග්‍රීන් කාඩ්‘ තාවකාලිකව නතර කරයි

අමෙරිකාව ‘ග්‍රීන් කාඩ්‘ ක්‍රමවේදය මේ වසර අවසානය දක්වා නතර කිරීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.  ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙනුයේ කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අමෙරිකානුවන්ගේ රැකියා ප්‍රශ්නයට මේ හරහා විසදුමක් ලැබෙනු ඇති බවය. 

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 13,587ක්

ඉන්දියාවේ දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.  ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 13,587 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වීම විශේෂත්වයකි.  ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 396,182 ක් දක්වා ඉහළ ගොස් ඇත.  වෛරසය හේතුවෙන් මේ වන විට Read More

t

o

p