පාකිස්තානයේ ඇමතිවරු දෙදෙනෙක්ට කොරෝනා

July 7, 2020

පාකිස්තානයේ අමාත්‍යවරු දෙදෙනෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

එරට විදේශ අමාත්‍ය ෂාහ් මහමුද් සහ සෞඛ්‍ය අමාත්‍ය සෆාර් මිර්සාහට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජුලි මාසය අවසන් වන විට පාකිස්තානයේ කොවිඩ් ආසාදිතයින් මිලියනය ඉක්මවිය හැකි බව එරට රජය පෙන්වාදෙයි.

මේ වන විට පාකිස්තානය තුළ කොවිඩ් ආසාදිතයින් 231,818ක් සිටින අතර මරණ 4,762ක් සිදුව ඇති බව වාර්තා වේ. 

t

o

p