විදෙස් රැකියා ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

April 26, 2024

කූට ලේඛන හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර තිබේ.

අප්‍රේල් 24 වන දා කිලිනොච්චිය ප්‍රදේශයේ රැකියා නියෝජිතායතනයක් මාර්ගයෙන්, රුමේනියාවේ රැකියා සඳහා යාමට පැමිණි තරුණයින් පස් දෙනෙකුගේ ලේඛන පරික්ෂා කිරීමේදී ඔවුන් පිළිබඳ සැක සිතී තිබේ.

පසුව කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් සමග පැමිණි ඒජන්සි ආයතනයේ නියෝජිතයා රඳවාගෙන ප්‍රශ්න කර තිබේ.

එහිදී එම රැකියා නියෝජිතායතනය නීතිවිරෝධි ආයතනයක් බවට අනාවරණය වී ඇත.

එබැවින් විදේශ ගතවීමට පැමිණි තරුණයින්ගේ කාර්යාංශ ලියාපදිංචිය ඇතුළු ලේඛනද නිලධාරීන් විසින් දැඩිව පරීක්ෂා කර ඇති අතර, එහිදි කාර්යාංශයේ ආරක්ෂිත මුද්දර හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් උපයෝගි කරගෙන ඇති බවද හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

t

o

p