ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 13,587ක්

June 20, 2020

ඉන්දියාවේ දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. 

ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 13,587 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වීම විශේෂත්වයකි. 

ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 396,182 ක් දක්වා ඉහළ ගොස් ඇත. 

වෛරසය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 12,970 කි. 

t

o

p