ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 194ක් යළි දිවයිනට

June 20, 2020

ඉන්දියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 194 දෙනෙක් අද(20) උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ.  

වෙන්නායි සහ මුම්බායි සිට ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනි.  

මේ අතර එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 60ක් ද අද උදෑසන දිවයිනට පැමිණියේය.  

උදෑසන 8.22ට පමණ ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 504 දරණ විශේෂ ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ ඇත.  

මෙම පිරිස ගුවන් තොටුපලේ දී පීසීආර් පරීක්‍ෂණ සදහා යොමු කර ඇති බවද සදහන්වේ.

t

o

p