අද සූර්යග්‍රහණය පියවි ඇසින් නිරීක්ෂණය නොකරන්නැයි ඉල්ලීමක්

June 21, 2020

වළයාකාර සූර්යග්‍රහණයක් අද (21) දිස්වන අතර , ලංකාවේ අපට එය දිස්වනුයේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසට බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.  

නැවතත් සූර්යග්‍රහණයක් අපට දැකබලාගත හැකිවනුයේ 2022 ඔක්තෝබර් 22 දාය.  

දින 30 ඇතුළත ග්‍රහණ තුනක් එනම් චන්ද්‍රග්‍රහණ දෙකක් සහ සූර්යග්‍රහණයක් ලොවට දිස්වන ග්‍රහණ කාල පරිච්චේදයක් මේ දිනවල උදාවී ඇත.  

අද දින කොළඹ නගරයට පෙ.ව. 10.29 පමණ සිට ප.ව. 01.19 පමණ කාලය තුළ පැය දෙකකුත් විනාඩි පනහකට ආසන්න කාලයක් තුල මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්වේ.

ග්‍රහණ උපරිම අවස්ථාව වන පෙ.ව. 11.51 වන විට චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 30% ක පමණ ප්‍රමාණයක් ආවරණය වනු ඇත.  

ග්‍රහනයක් ඇතිව හෝ නැතිව සූර්යයා දෙස නිසි ආරක්‍ෂිත ක්‍රම භාවිතා නොකර සෘජුව පියෙවි ඇසින් බැලීමෙන් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට හා වෙනත් ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැකිය.

t

o

p