Foreign News

ලොව පුරා කොවිඩ් මරණ මිලියන 1.2 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 48,559,927 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අලුයම වාර්තා කරයි. මේ වන විට ගෝලීය ඇති වී තිබෙන කොවිඩ් මරණ සංඛ්‍යාව 1,231,245 ක් බව ද එම මධ්‍යස්ථාන දත්ත වාර්තා කරයි. වෛරසය ආසාදනය වී මේ වන විට 32,057,939 ක් සුවය ලබා ඇති බව ද වාර්තා වෙයි

එංගලන්තය ඊයේ සිට වැසෙයි

එංගලන්තය වසා දමමින් පැනවු නියෝග උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එරට පොලීසිය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සති 04ක කාලයක් එංගලන්තය වසාදමා ඇති අතර සංචරණ කටයුතු සීමාකිරීම සඳහා ජනතාවට කොන්දේසි රැසක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එංගලන්තය සති 4කට වසාදමයි

එංගලන්තය සති හතරක කාලයක් සඳහා වසාදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව දෙසැම්බර් 02 වනදා දක්වා රට වසා දමන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කර ඇත. කොවිඩ් නයින්ටීන් වෛරසය යළි සීඝ්‍රයෙන් පැතිරයාම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සඳ මත ජලය පවතින බව නාසා ආයතනය කියයි

සඳ මත නිසැකවම ජලය පවතින බව තහවුරු වී ඇති බව අමෙරිකාවේ නාසා ආයතනය සදහන් කරයි.   චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව සඳමත ස්වභාවික ජලය ඇති බවට ස්ථීර වශයෙන්ම ප්‍රකාශය කළ හැකි බව නාසා ආයතනය පෙන්වා දෙයි.   සඳ මතුපිට චන්ද්‍ර ආවාට තුළ අණුක ජලය පවතින බවට මීට පෙර අනාවරණ වී තිබුණි.   නව සොයා Read More

අමෙරිකාව කොවිඩ් ආසාදිතයින් ගණන වේගයෙන් ඉහළට

මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 8,520,307ක් වන අතර, සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 226,149ක් ලෙස දැක්වේ. මේ අතර ලොව වැඩිම දෛනික මරණ සහ ආසාදිතයින් අතින් ඉන්දියාව ඉක්මවා යමින් අමෙරිකාව නැවතත් ඉදිරියට පැමිණ තිබේ. ගතවූ මාසයකට ආසන්න කාලයේ දී අමෙරිකාව පරදවමින් ලොව වැඩිම දෛනික ආසාදිතයින් ගණන ඉන්දියාවෙන් වාර්තාවූවත්, දැන් යළිත් ලොව Read More

නවසීලන්ත මහමැතිවරණයෙන් ජසින්ඩා ආර්ඩන්ට ජය

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් එරට මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.   බොහෝ ඡන්ද ගණන් කිරීමත් සමඟ ආර්ඩන්ගේ කම්කරු පක්ෂය සියයට49ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර ඇය  පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.   මේ වන විට 27% ක් සිටින විපක්ෂයේ මධ්‍යම ධක්ෂිනාංශික ජාතික පක්ෂය ඡන්ද විමසීමේදී පරාජය පිළිගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා Read More

කොරෝනා නිසා යුරෝපා රටවල නීති දැඩි කෙරේ

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග යුරෝපා රටවල සීමා කිරීම් ද ඉහළ නංවා තිබේ.   මහා බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය හා ප්‍රංශය යන රටවල නීති දැඩි කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.   සියලු විශ්වවිද්‍යාලවල දේශන කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට ස්පාඤ්ඤය තීරණය කර ඇති අතර, ආයතනවල සේවකයන්ට නිවෙස්වල සිට කටයුතු කිරීමට ද උපදෙස් Read More

අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක්

ඉතා විශාල අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් නිර්මාණය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එය අමෙරිකාවට සහ ලොව අනෙක් රටවලට තර්ජනයක් බවය. උතුරු කොරියාවේ පාළක කම්කරු පක්ෂයේ 75වැනි සංවස්තරය නිමිත්තෙන් පැවති හමුදා පෙළපාලියේදී එම මිසයිලය ප්‍රදර්ශනය කෙරිණි.

ට්‍රම්ප් රෝහලෙන් පිටතට

විශේෂ මෝටර් රථයක නැගී රෝහලෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයා, රෝහල අවට රැස්ව සිටි සිය පාක්ෂිකයන්ට ආචාර කරමින් ගමන් කර තිබෙන අතර, මෝටර් රථය තුළ අසුන්ගෙන සිටි ජනාධිපති ට්‍රම්ප් මහතා මුඛ ආවරණයක් පැළඳ සිටීම විශේෂත්වයකි. තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් බොහෝ Read More

t

o

p