විශේෂ මෝටර් රථයක නැගී රෝහලෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයා, රෝහල අවට රැස්ව සිටි සිය පාක්ෂිකයන්ට ආචාර කරමින් ගමන් කර තිබෙන අතර, මෝටර් රථය තුළ අසුන්ගෙන සිටි ජනාධිපති ට්රම්ප් මහතා මුඛ ආවරණයක් පැළඳ සිටීම විශේෂත්වයකි.
තව දුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්රකාශ කර ඇත්තේ තමන් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් බොහෝ දෑ උගත් බවත් වෛරසය පිළිබඳ ඉගෙන ගැනීමට හැකි හොඳම පාසල මෙය බවත්යි. තමන් ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත් බවද සඳහන් කර තිබේ.