අමෙරිකාව කොවිඩ් ආසාදිතයින් ගණන වේගයෙන් ඉහළට

October 22, 2020

මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 8,520,307ක් වන අතර, සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 226,149ක් ලෙස දැක්වේ.

මේ අතර ලොව වැඩිම දෛනික මරණ සහ ආසාදිතයින් අතින් ඉන්දියාව ඉක්මවා යමින් අමෙරිකාව නැවතත් ඉදිරියට පැමිණ තිබේ.

ගතවූ මාසයකට ආසන්න කාලයේ දී අමෙරිකාව පරදවමින් ලොව වැඩිම දෛනික ආසාදිතයින් ගණන ඉන්දියාවෙන් වාර්තාවූවත්, දැන් යළිත් ලොව වැඩිම දෛනික ආසාදිතයින් සහ මරණ වාර්තාවන්නේ අමෙරිකාවෙනි.

විදෙස් වාර්තා පවසන්නේ, එරට ප්‍රාන්ත 25කට ආසන්න ප්‍රමාණයක ආසාදිතයින් වාර්තාවීමේ කැපීපෙනන වර්ධනයක් දැක ගත හැකි බවය.

t

o

p