කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග යුරෝපා රටවල සීමා කිරීම් ද ඉහළ නංවා තිබේ.
මහා බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය හා ප්‍රංශය යන රටවල නීති දැඩි කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සියලු විශ්වවිද්‍යාලවල දේශන කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට ස්පාඤ්ඤය තීරණය කර ඇති අතර, ආයතනවල සේවකයන්ට නිවෙස්වල සිට කටයුතු කිරීමට ද උපදෙස් දී ඇතැයි වාර්තාවේ.