Foreign News

එවර් ගිවන් නෞකාව හේතුවෙන් ගෝලීය අර්බුදයක්

සූවස් ඇළ අවහිර කරමින් අනතුරට ලක්ව ඇති ‘එවර් ගිවන්’ නෞකාව මුදා ගැනීමට සති ගනණාවක් ගතවනු ඇතැයි මුදාගැනීමේ කණ්ඩායම්  පවසති.  නැව එම ස්ථානයෙන් ගලවා ගන්නා තෙක් රැඳී සිටින නැව් ගණන 206 ක් දක්වා ඉහළ ගොස් තිබේ.  භාණ්ඩ ප්‍රවාහන නෞකා, ගෑස් සහ ඉන්ධන නෞකා රැසක්ද සිරවී තිබීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාමට මේ වනවිට දැඩි බලපෑමක් එල්ල වෙමින් ඇති Read More

බ්‍රසීලයේ ඇතැම් කොවිඩ් රෝගීන් ශ්වසන යන්ත්‍රවලින් ඉවත් කරයි

කෘතිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබන බ්‍රසීලයේ ඇතැම් කොවිඩ් රෝගීන් ඉන් ඉවත් කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. රෝහල් කිහිපයක 100% ඉක්මවා රෝගීන් ඉහළ ගොස් තිබීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බව සඳහන්ය. වසංගතයේ දරුණු බලපෑමත් සමග බ්‍රසිලයේ රෝහල්වල සැපයුම් අඩු මට්ටමක පවතින බැවින් එක් වෙරළබඩ නගරයක් පවසන්නේ ඇතැම් කොවිඩ් රෝගීන් එලෙස කෘතිම ශ්වශන Read More

ප්‍රංශයේ ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය

තුන්වන කොරෝනා රැල්ලක ආරම්භයත් සමග ප්‍රංශයේ පැරිස් අගනුවර යළි වසා දමා තිබේ. එහෙත්, පාසල් විවෘතව තැබෙන අතර නිවසේ සිට කිලෝමීටර 10ක් ඇතුළත ප්‍රදේශයක එළිමහනේ ව්‍යායාම්වල නිරත වීමට ද ජනතාවට අවස්ථාව හිමිවනු ඇති. ඊයේ එරටින් කොරෝනා ආසාදිතයින් 35,000 කට අධික පිරිසක් හඳුනා ගැනුණි. ප්‍රංශයේ ප්‍රදේශ රැසකට පැන වූ ඇඳිරි නීතිය ද තවදුරටත් ක්‍රියාත්මකයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත අඛණ්ඩව ලබා දෙන්නැයි WHO ඉල්ලයි

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ, රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් වාර්තාවීමත් සමග ලොව රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවීමට තීරණය කිරීමත් සමගයි.   ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ  මේ වනවිට ත් වාර්තාවල අන්තර්ගතයන් විමර්ශනය කරමින් සිටින බව ත් එන්නත සහ රුධිර කැටි ගැසීම අතර Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොවිඩ් මර්දනයට මේ වනවිට භාවිතයට ගන්නා එන්නත් අතුරින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත විශිෂ්ටතම එන්නතක් ලෙස හඳුන්වා දිය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. ඩෙන්මාර්කය, බල්ගේරියාව, නෝර්වේ ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් මේ වනවිට ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය අත්හිටුවා ඇත්තේ රුධිර කැටි සිදුවීම් කිහිපයක් වාර්තා වීම හේතුවෙනි. කෙසේවෙතත් Read More

ඉතාලිය වැසෙන ලකුණු

කොවිඩ් තුන්වන රැල්ලකට මුහුණ පා සිටින ඉතාලිය වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා යළිත් පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කිරීමකට සූදානම් වන බව වාර්තා විය. රට තුළ නව කොවිඩ් ආසාදිත රැල්ලක් වාර්තා වෙමින් ඇති බවට ඉතාලි අගමැතිවරයා අනතුරු අඟවනු ලැබීය. එම අනතුරු ඇඟවීමෙන් පසු ඉතාලියේ බොහෝ ප්‍රදේශවල පාසල්, ආපනශාලා, සාප්පු සහ කෞතුකාගාර ලබන සතියේ සිට වසා දැමීමට නියෝග කර Read More

යුරෝපා රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් එන්නත් භාවිතය අත්හරී

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට ඩෙන්මාර්කය, නෝර්වේ සහ අයිස්ලන්තය යන රාජ්‍යයන් පියවර ගෙන තිබේ. එන්නත ලබාගත් පුද්ගලයින්ගේ රුධිරය කැටිගැසීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තාවීම සලකා ඔවුන් එම ආරක්ෂිත පියවර ගෙන තිබුණි. එන්නත්කරණයෙන් පසු ඩෙන්මාර්කයේ එක් අයෙකු මියගොස් ඇතැයි ද විදෙස් වාර්තා පවසයි. පුද්ගල මරණය හා සිදුවූ සංකූලතාවන්ට හේතු නිශ්චිතව සොයාගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති ඩෙන්මාර්කය Read More

තායිලන්තයට එන සංචාරකයන්ට නිරෝධායනයට යාත්‍රාවක්

තායිලන්තයට පැමිණෙන සංචාරකයන්ට දැන් සති දෙකක කොරෝනා වයිරස් නිරෝධායනය යාත්‍රාවක ගත කළ හැකිය. මෙම නව පියවර මඟින් යාත්‍රා සංචාරක ආදායමෙන් බාට් බිලියන 1.8ක් (ඩොලර් මිලියන 42 ක්) ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි. වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටේ අරගලකාරී තත්ත්වයකට පත් වී තිබෙන සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම මෙම පියවරේ අරමුණයි.

පාප් වහන්සේ ඉරාකයේ සංචාරයක

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගෙන තිබේ. ඒ, ඉරාකයේ සංචාරය කිරීමටයි.  අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කරන පළමු පාප්වරයා වශයෙන් වාර්තා ගත වන බව විදෙස් මාධ්‍ය පවසයි. පාප් වහන්සේ ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉරාක ආරක්ෂක භටයින් 10,000ක් කැඳවා ඇති බව සදහන්.

නවසීලන්තයට ප්‍රබල භූමිකම්පාවක්

සිකුරාදා නවසීලන්ත වෙරළට ඔබ්බෙන් ඇති වූ ප්‍රබලතම භූමිකම්පාව ඇතුළුව භූමිකම්පා තුනක්, නිසා දැන් සුනාමි අනතුරු ඇඟවීම් සිදුකර තිබේ. තුන්වන, රික්ටර් මාපක 8.1 ක භූමිකම්පාවකින් පසු උතුරු දූපතේ සමහර වෙරළබඩ ප්‍රදේශවලින් දහස් ගණනක් ඉවත් කර ඇත. මිනිසුන් ඉහළ ස්ථානවලට පැමිණීමට උත්සාහ කරන විට රථවාහන තදබදය ඇතිවිය. පළමු භූමි කම්පාවෙන් පැය 13කට පමණ පසු ජාතික සුනාමි අනතුරු Read More

t

o

p