ඇස්ට්‍රාසෙනෙකා එන්නත අඛණ්ඩව ලබා දෙන්නැයි WHO ඉල්ලයි

March 17, 2021

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ, රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් වාර්තාවීමත් සමග ලොව රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවීමට තීරණය කිරීමත් සමගයි.  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ  මේ වනවිට ත් වාර්තාවල අන්තර්ගතයන් විමර්ශනය කරමින් සිටින බව ත් එන්නත සහ රුධිර කැටි ගැසීම අතර සම්බන්ධයක් ඇති බවට මේ වන තෙක් තහවුරු වී නොමැති බවයි.  

මෙම සිදුවීම් පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගත් වහාම, සොයාගැනීම් සහ වර්තමාන නිර්දේශයන්හි කිසියම් වෙනස්කමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව වහාම ජනතාව දැනුවත් කරන බව ද ඇය පවසා ඇත.   

මේ අතර විමර්ශනවල ප්‍රතිඵල ලැබෙන තුරු පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය සහ තවත් රටවල් කිහිපයක් සිය එන්නත්කරණ වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

t

o

p