බදු පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

March 17, 2021

රජයේ නව බදු යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සහ 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

පසුගිය අය වැයෙන් ඉදිරිපත් කැරුණු නව බදු සහන යටතේ විශේෂයෙන් කෘෂි වගාවන් සඳහා පනවා තිබූ 14% බද්ද, තොරතුරු තාත්ෂණය සඳහා පනවා තිබූ 14%ක බද්ද, මැණික් හා ස්වර්ණාභරණ අපනයන සඳහා පනවා තිබූ 14%ක බද්ද සම්පූර්ණයෙන් නිදහස් කළ බව පැවසීය.

එසේම, මැණික් හා ස්වර්ණාභරණ දේශීය අලෙවිය සඳහා පැවති 28% බද්ද 14% දක්වාත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා පැවති 28%ක බද්ද 14% දක්වාත්, කෘෂි සැපයුම් සඳහා පැවති 28% බද්ද 14% දක්වාත්, නිෂ්පාදන බද්ද 28% සිට 18% දක්වාත්, වෙළෙඳ, බැංකු, මූල්‍යයන රක්ෂණ ආදිය සඳහා පනවා තිබූ 28% බද්ද 24% දක්වා අඩු කළ බවත් පැවසීය.

මත්පැන් දුම්වැටි, ඔට්ටු ඇල්ලීම් හා සූදු බද්ද 40% අඩු නොකර ඒ අකාරයෙන් ම තබා ගැනීමට තීරණය කළ බවද කීය.

t

o

p